ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්රල් 92 ඔක්ටේන් (රු. 355) ලීටරයක් රු. 11 ක් වන අතර එහි නව සිල්ලර මිල රු. 344 ලංකා පෙට්රල් 95 ඔක්ටේන් යුරෝ 4 (රු. 420) ලීටරයක් රු. 41 ක් වන අතර එහි නව සිල්ලර මිල රු. 379. ලංකා සුපර් ඩීසල් (රු. 377) ලීටරයක් රුපියල් 22 කින් අඩු කර ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 355 කි. කෙසේ වෙතත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයක (රු. 317) සහ ලංකා භූමිතෙල් (රු. 202) ලීටරයක මිලෙහි වෙනසක් නොමැත.